AFC Banner
AFC Banner
Empty Ad

පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද – අදත් වැස්සොත් ජය පරාජයෙන් තොර තරගයක්

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව තරග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

තරගයේ තුන්වන දිනය වූ ඊයේ (31) දිනයේ වර්ෂාව හේතුවෙන් තරග නතර කරනවිට පළමු ඉනිම ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව ඕස්ටේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 518ක් පසුපසෙන් සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

ඕස්ටේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 654ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 63ක් සහ කුසල් මෙන්ඩිස් රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 10ක්.

තරගයේ සිව්වන දිනය වූ අද දිනයේත් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තරගය බොහෝ දුරට ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවයි විචාරකයින් මතපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?