පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය බංගලාදේශයට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංගලාදේශ නායකයා සමත් වුණා.

ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමටයි ඔහු තීරණය කළේ.

තරග දෙකකින් සමවිත ටෙස්ට් තරගාවලියේ මෙම තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර අද තරගයේ දී ළහිරු උදාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 168 වන ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

එමෙන්ම දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායක ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

තරිඳු රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 169 වන ක්‍රීඩකයා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?