පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

අද (13) පස්වරු 2.30ට ආරම්භ වූ ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව තරගය ආරම්භ වී පළමු පන්දුවාරයේ එක් පන්දුවක් පමණක් ක්‍රියාත්මක කිරීමටයි අවස්ථාව ලැබුණේ.

ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට පියවර ගැනුණා.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ අද තරගයේ කාසියේ වාසිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණු අතර පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු පැමිණියා.

තරගය දිවා – රාත්‍රී තරගයක් ලෙස රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

අද තරගයට වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ජෙෆ්‍රි වැන්ඩර්සේ කැඳවා තිබෙනවා.

මේ වන තෙක් එක්දින තරග 102ක් දෙපිළ අතරම පවත්වා ඇති අතර එහි වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ නවසීලන්තයයි.

ඔවුන් එක්දින තරග 52ක් දිනා ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 41ක් පමණයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලි ජයක් 17 වරක් හිමිකරගෙන තිබෙනවා.

නවසීලන්තය සිය මව්බිමේ දී එක්දින තරග ශ්‍රී ලංකාවට එරෙහිව 30ක් ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?