පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

අද (13) පස්වරු 2.30ට ආරම්භ වූ ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව තරගය ආරම්භ වී පළමු පන්දුවාරයේ එක් පන්දුවක් පමණක් ක්‍රියාත්මක කිරීමටයි අවස්ථාව ලැබුණේ.

ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට පියවර ගැනුණා.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ අද තරගයේ කාසියේ වාසිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණු අතර පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු පැමිණියා.

තරගය දිවා – රාත්‍රී තරගයක් ලෙස රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

අද තරගයට වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ජෙෆ්‍රි වැන්ඩර්සේ කැඳවා තිබෙනවා.

මේ වන තෙක් එක්දින තරග 102ක් දෙපිළ අතරම පවත්වා ඇති අතර එහි වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ නවසීලන්තයයි.

ඔවුන් එක්දින තරග 52ක් දිනා ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 41ක් පමණයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලි ජයක් 17 වරක් හිමිකරගෙන තිබෙනවා.

නවසීලන්තය සිය මව්බිමේ දී එක්දින තරග ශ්‍රී ලංකාවට එරෙහිව 30ක් ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53