පහළ කඩුගන්නාව නාය ගිය ස්ථානයට නුදුරින් කොළඹ – නුවර මාර්ගයත් ගිලාබසී

ඊයේ (22) උදෑසන පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයේ නාය යෑමට ලක් වූ ස්ථානයේ සිට මහනුවර දෙසට කිලෝමීටරයක් පමණ දුරින් කොළඹ – නුවර මාර්ගයේ ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීමක් සිදුව තිබෙනවා.

මෙම මාර්ගයට යටින් ගිලාබැස කුහරයක් සෑදී ඇති බවයි පරීක්ෂණ සිදුකරන නිලධාරීන් පවසන්නේ.

මේ අතර නාය යෑමට ලක් වූ ස්ථානයෙන් තවමත් කුඩා දියපහරක් ගලා යන අතර, එම පස් කන්ද තවදුරටත් ප්‍රසාරණය විය හැකි බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සැකපළ කරනවා.

මේ අතර නාය යෑමට ලක් වූ ස්ථානයේ අවට පිරිස් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයෙන් වසාදමා ඇති අතර, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.

මේ අතර මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මාර්ගය යළි විවෘත කිරීමට අවස්ථාවක් ලැබුනහොත් බර වාහනවලට එම මාර්ගය භාවිත කිරීමට හැකියාවක් පවතී ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?