Empty Ad
AFC Banner
Empty Ad

පහන්තුඩාව වීඩියෝව බැලුවොත් දඬුවම්..! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනතුරු අඟවයි

සුන්දර දියඇල්ලක් වන පහන්තුඩාව අසල තරුණ යුවළක් ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය ළඟ තබා ගැනීම හා පුද්ගලයින් අතර බෙදා හැරීම තහනම් බවත් එය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

එමෙන්ම, අදාල වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා පවසන්නේ.

තවද, මෙම වීඩියෝව රූගත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) පහන්තුඩාව දියඇල්ල ආසන්නයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

මෙම වීඩියෝ පටය සහ ඊට අදාල දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වූ බවත් දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව ඇති වකවානුවක මෙම දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක බවත් ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකළ ලිපියක දැක්වුණා.

මෙම වීඩියෝව හරහා මෙරට සදාචාරයට මරුපහරක් එල්ලවන බවත් තවත් මෙවැනිම වීඩියෝවක් මීමුරේ ප්‍රදේශයේත් පටිගත කරඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණු අතර, එම ලිපිය යොමු කළ ස්වාමීන් වහන්සේ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සඳහා නීතිමය පියවරක් ගන්නා ලෙසයි.

පෙර පුවත – සමාජ ජාලා උණුසුම් කරමින් දිය ඇල්ලක් ලඟ අසෝබන ලෙස හැසිරුණ තරුණිය හදුනා ගනී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන වජිර කට අරියි මේවා අවුස්සන එකෙන් ජාතියට ඵලක් නෑ
09:26
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට එන්නේ මුජිබර්ද ?
13:52
Video thumbnail
ධර්මයෙන් රටක් සුවපත් කළ කැටවල හේමාලෝක හිමි කියපු කතාව
01:59
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
08:31

?