පහන්තුඩාව වීඩියෝව බැලුවොත් දඬුවම්..! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනතුරු අඟවයි

සුන්දර දියඇල්ලක් වන පහන්තුඩාව අසල තරුණ යුවළක් ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය ළඟ තබා ගැනීම හා පුද්ගලයින් අතර බෙදා හැරීම තහනම් බවත් එය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

එමෙන්ම, අදාල වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා පවසන්නේ.

තවද, මෙම වීඩියෝව රූගත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) පහන්තුඩාව දියඇල්ල ආසන්නයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

මෙම වීඩියෝ පටය සහ ඊට අදාල දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වූ බවත් දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව ඇති වකවානුවක මෙම දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක බවත් ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකළ ලිපියක දැක්වුණා.

මෙම වීඩියෝව හරහා මෙරට සදාචාරයට මරුපහරක් එල්ලවන බවත් තවත් මෙවැනිම වීඩියෝවක් මීමුරේ ප්‍රදේශයේත් පටිගත කරඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණු අතර, එම ලිපිය යොමු කළ ස්වාමීන් වහන්සේ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සඳහා නීතිමය පියවරක් ගන්නා ලෙසයි.

පෙර පුවත – සමාජ ජාලා උණුසුම් කරමින් දිය ඇල්ලක් ලඟ අසෝබන ලෙස හැසිරුණ තරුණිය හදුනා ගනී

  1. මම බැලුවා ඒක වට්ස් අප් එකෙන් මට ලැබුනෙ පෙරෙදා; එමිරෙට්ස් ඉන්න කෙනෙක්ගෙන් . එවා දෙන් ලෝකයෙම වටෙ ගිහින් ; ලන්කාවෙ උන්ට බලන්න එපා කිව්වට , ලන්කාවෙන් පිට ඉන්න අපෙ ඔක්කෝම එවා බලලා ; වටෙ යවනවා; ලන්කාවෙ ඔවා දෙන් බලන්නෙ පොලීසියත් , පාර්ලිමෙන්තුවෙ 225ත් මහා නායක වරුන් අගරද ගුරුන් වාගෙ උන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04