AFC Banner
AFC Banner
Empty Ad

පහන්තුඩාවේ වීඩියෝවේ සිටි යුවළ පොලිසිය හමුවේ හෙළි කළ වෙනස්ම කතාවක් එළියට

සුන්දර පහන්තුඩාව දිය ඇල්ල සමීපයේ අඹු – සැමියන් සේ නිරුවතින් හැසිරෙමින් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ නිල් වීඩියෝව ප්‍රධාන වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජජාලා අපරාධ විමර්ශන ඒකකය කටයුතු යොදා තිබෙනවා.ජාත්‍යන්තර වෙබ් අඩවියක විද්‍යාසුරිකා නමින් පවත්වාගෙන ගිය ගිණුම මෙසේ තහනමට ලක්කර ඇති බව සඳහන්.

මේ අතර මෙම නිරුවත් දර්ශන රැගත් වීඩියෝව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් යුවළ විසින් පහන්තුඩාව ඇල්ල අසල රූගත කර ඇත්තේ ඉකුත් අගෝස්තු මස 12 වැනිදා බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හා සැකකාරිය එදින අලුයම හතරට පමණ සැකකරුට අයත් මෝටෝ රියෙන් පහන්තුඩාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පහන්තුඩාවට ළඟා වී ඇත්තේ උදෑසන හතට පමණ. ඒ මොහොතේ පහන්තුඩාව ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වී තිබුනා. ඒ නිසා ඔවුන්ට නිරුවත් වීඩියෝව රූගත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

පැය කිහිපයක් තිස්සේ එලෙස රූගත කළ නිරුවත් දර්ශන කොළඹ පැමිණීමෙන් පසු සංස්කරණය කර විදේශීය වෙබ් ජාලයට මුදාහැර තිබෙනවා.

මෙම ගමනට මේ සැකකරු හා සැකකාරිය හැරෙන්නට වෙන කිසිවකු එක් වී නැහැ. සිද්ධිය දැන සිටියේද ඒ දෙන්නාම පමණක් බව සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය පවසනවා.

පැය 48ක් ඇතුළත මෙම වීඩියෝවේ නිරුවතින් රඟපෑ දෙදෙනා කොටුකර ගැනීමට එම ඒකකයේ පොලිස් පරීක්ෂක ජයශ්‍රී ඇතුළු කණ්ඩායමට හැකි වුණා.

මේ අතර මෙම සිද්ධියෙන් අගතියට පත් යුවළක් ගැන මාධ්‍ය මඟින් කරුණු හෙළිකර සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද වාර්තා වනවා.

නිරුවත් වීඩියෝව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, ඡායාරූපකරණය හා රඟපෑම ප්‍රධාන සැකකරු විසින්ම සිදුකර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ අධීක්ෂණය මත අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අශෝක කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළළු කණ්ඩායමක් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

කීර්ති මෙන්ඩිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?