පහන්තුඩාවේ වීඩියෝවේ සිටි යුවළ පොලිසිය හමුවේ හෙළි කළ වෙනස්ම කතාවක් එළියට

සුන්දර පහන්තුඩාව දිය ඇල්ල සමීපයේ අඹු – සැමියන් සේ නිරුවතින් හැසිරෙමින් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ නිල් වීඩියෝව ප්‍රධාන වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජජාලා අපරාධ විමර්ශන ඒකකය කටයුතු යොදා තිබෙනවා.ජාත්‍යන්තර වෙබ් අඩවියක විද්‍යාසුරිකා නමින් පවත්වාගෙන ගිය ගිණුම මෙසේ තහනමට ලක්කර ඇති බව සඳහන්.

මේ අතර මෙම නිරුවත් දර්ශන රැගත් වීඩියෝව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් යුවළ විසින් පහන්තුඩාව ඇල්ල අසල රූගත කර ඇත්තේ ඉකුත් අගෝස්තු මස 12 වැනිදා බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හා සැකකාරිය එදින අලුයම හතරට පමණ සැකකරුට අයත් මෝටෝ රියෙන් පහන්තුඩාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පහන්තුඩාවට ළඟා වී ඇත්තේ උදෑසන හතට පමණ. ඒ මොහොතේ පහන්තුඩාව ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වී තිබුනා. ඒ නිසා ඔවුන්ට නිරුවත් වීඩියෝව රූගත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

පැය කිහිපයක් තිස්සේ එලෙස රූගත කළ නිරුවත් දර්ශන කොළඹ පැමිණීමෙන් පසු සංස්කරණය කර විදේශීය වෙබ් ජාලයට මුදාහැර තිබෙනවා.

මෙම ගමනට මේ සැකකරු හා සැකකාරිය හැරෙන්නට වෙන කිසිවකු එක් වී නැහැ. සිද්ධිය දැන සිටියේද ඒ දෙන්නාම පමණක් බව සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය පවසනවා.

පැය 48ක් ඇතුළත මෙම වීඩියෝවේ නිරුවතින් රඟපෑ දෙදෙනා කොටුකර ගැනීමට එම ඒකකයේ පොලිස් පරීක්ෂක ජයශ්‍රී ඇතුළු කණ්ඩායමට හැකි වුණා.

මේ අතර මෙම සිද්ධියෙන් අගතියට පත් යුවළක් ගැන මාධ්‍ය මඟින් කරුණු හෙළිකර සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද වාර්තා වනවා.

නිරුවත් වීඩියෝව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, ඡායාරූපකරණය හා රඟපෑම ප්‍රධාන සැකකරු විසින්ම සිදුකර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ අධීක්ෂණය මත අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අශෝක කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළළු කණ්ඩායමක් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

කීර්ති මෙන්ඩිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43