AFC Banner
Empty Ad
Empty Ad

පසුපස හඹා ගොස් ඇල්ලූ සැකකරුවෝ

ඉන්දියාවේ සිට මෙරටට කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 539 ක් නාවුක හමුදාවේ කල්පිටිය විජය කඳවුරේ නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; අද (23) අලුයම 12.10ට පමණ කල්පිටිය – ඉලිප්පන්දූව දුපත ආසන්නයේ දී මෙම වැටලීම සිදු කර ඇති බවයි.

බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ද නාවුක හමුදාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් කල්පිටිය – ජනසවිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 25 වියේ පසුවන අය බවයි පැවසෙන්නේ.

සැකකටයුතු ඩිංගි යාත්‍රවක් ඉලිප්පන්දූව දූපත දෙසට ගමන් කරන ආකාරය රාත්‍රී මුර සංචාරයේ නිරත වෙමින් සිටි නාවුක හමුදා නිලධාරීන් දැක ඇති අතර පසුව එම යාත්‍රාව හඹා ගොස් එය පරීක්ෂා කිරීමට නාවුක හමුදා නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

යාත්‍රාවේ තිබී බීඩි කොළ තොගය සොයා ගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

බීඩි කොළ තොගය පොලිතින් මළු 18 ක අසුරා තිබූ බවත් එම බීඩිකොළ සමග ඩිංගි යාත්‍රාව ද සැකකරුවන් සමග කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ තබා ඇති බවත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16

?