පසුපස හඹා ගොස් ඇල්ලූ සැකකරුවෝ

ඉන්දියාවේ සිට මෙරටට කුඩා ප්‍රමාණයේ ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 539 ක් නාවුක හමුදාවේ කල්පිටිය විජය කඳවුරේ නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; අද (23) අලුයම 12.10ට පමණ කල්පිටිය – ඉලිප්පන්දූව දුපත ආසන්නයේ දී මෙම වැටලීම සිදු කර ඇති බවයි.

බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ද නාවුක හමුදාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් කල්පිටිය – ජනසවිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 25 වියේ පසුවන අය බවයි පැවසෙන්නේ.

සැකකටයුතු ඩිංගි යාත්‍රවක් ඉලිප්පන්දූව දූපත දෙසට ගමන් කරන ආකාරය රාත්‍රී මුර සංචාරයේ නිරත වෙමින් සිටි නාවුක හමුදා නිලධාරීන් දැක ඇති අතර පසුව එම යාත්‍රාව හඹා ගොස් එය පරීක්ෂා කිරීමට නාවුක හමුදා නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

යාත්‍රාවේ තිබී බීඩි කොළ තොගය සොයා ගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

බීඩි කොළ තොගය පොලිතින් මළු 18 ක අසුරා තිබූ බවත් එම බීඩිකොළ සමග ඩිංගි යාත්‍රාව ද සැකකරුවන් සමග කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ තබා ඇති බවත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35