පසුගිය මාස 06ක කාලය තුළ වන සතුන්ගෙන් බිලියන 50කට වැඩි වගා හානියක්

පසුගිය මාස 06ක කාලය තුළ වගාවන්ට වන සතුන්ගෙන් රුපියල් බිලියන 50කට අධික හානියක් සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

අනුරාධපුරය – රනෝරාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති ගොවීන් සදහා බහු කාර්ය උපකරණ බෙදාදීමේ වැඩ සටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය දිනෙන් දින වැඩි වන්නට පටන් ගෙන තිබෙනවා. පසුගිය මාස 06ක කාලය තුළ පමණක් වඳුරන්, රිළවුන් සහ දඬුලේණුන් විසින් පොල්ගෙඩි මිලියන 93ක් පමණ විනාශ කරලා. ඊට අමතරව මොණරා,වල් ඌරා, ඉත්තෑවා වැනි සතුන් වගාවන්ට සිදු කරන විනාශය අති විශාලයි. ඉදිරි අවුරුදු 02ක කාලය තුළ මේ විනාශය අවම කර ගැනීමට අපි කටයුතු කළ යුතුව තිබෙනවා.”

මේ අතර බිත්තර මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ බිත්තර මිළ ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සත්ව ආහාර සම්පාදනය කර ගැනීමට නොහැකි වීම බවයි.

සතුන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කර ගැනීමට නොහැකි වීම බිත්තර වලට පමණක් නොව කිරි ගව පාලනයට ද බලපෑම් එල්ලකර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29