AFC Banner
AFC Banner
Empty Ad

පසුගිය දින හයට අධිවේගයෙන් වාර්තා ගත ආදායමක්

පසුගිය වර්ෂය හා සැසදීමේ දී මෙම වර්ෂයේ අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 76කින් වැඩි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර පවසනවා.

කොළඹ දී අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ ගත වූ දින 06ක කාලය තුළ වාහන 674,000 ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කර ඇති බවයි.

පසුගිය වසරේ දී අලුත් අවුරුදු කාලසීමාව තුළ වාහන 614,000ක් අධිවේගී මාර්ගය භාවිත කර ඇති බවත්, මෙවර එය හැටදාහකින් පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම වසරේ පසුගිය දින හයේ ආදායම මිලියන 235ක් වන අතර, 2023 වර්ෂයේ දින එම දින හයේ ආදායම රුපියල් මිලියන 159ක් බව ද ඔහු සඳහන් කළා.

ඒ, අනුව මෙම වසරේ දී අදායම රුපියල් මිලියන 76ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?