පවුලක් ගිය යතුරුපැදිය කැබ් රථයක ගැටී අවුරුදු හතරේ දරුවා ජීවිතක්ෂයට

මන්නාරම – නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් ගමන්ගත් එකම පවුලේ පියා, මව, අවුරුදු 04 පිරිමි දරුවෙක් සහ අවුරුදු 12ක් වයසැති දියණියක මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදිය කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් පසුව බරපතළ තත්ත්වයේ සිටි මව්පිය යුවළ සහ දරු දෙදෙනා මන්නාරම් රෝහලට ඇතුළත්කර ඇති අතර, එහිදී වයස අවුරුදු 04ක පිරිමි දරුවා මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි මුරුන්ගන් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?