පවතින තත්ත්වය යටතේ වැඩි මිලට එළවළු විකුණූ වෙළදුන්ට දැඩි අවවාද

කළුතර නගරයේ එළවළු වෙළඳාම් සිදු කරනු ලබන වෙළඳුන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත වැඩි මිලට එළවළු වෙළඳාම් කටයුතු සිදු කරන බවට කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මද අද (02) දහවල් කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා.

නියමිත මිලක් නොමැතිව වැඩි මිලට එළවළු අලෙවි කළ වෙළඳුන් සඳහා දැඩි ලෙස අවවාද කිරීමට කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එහිදී කටයුතු කළා.

එමෙන්ම මිල ප්‍රදර්ශනය නොකෙරෙමින් වෙළඳාම් කටයුතු සිදු කළ වෙළඳුන්ට නියමිත මිල ප්‍රදර්ශනය කරන ලෙස අවවාද නිකුත් කිරීමත් ඒ මොහොතේම නියමිත මිල ප්‍රදර්ශනය පුවරු එම වෙළඳුන් ලවාම ප්‍රදර්ශනය කරවීමත් මෙහිදී සිදු වුණා.

පවතින තත්ත්වයත් සමඟ මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදු කිරීමට නියමිත බවයි එම නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?