පවතින තත්ත්වය යටතේ වැඩි මිලට එළවළු විකුණූ වෙළදුන්ට දැඩි අවවාද

කළුතර නගරයේ එළවළු වෙළඳාම් සිදු කරනු ලබන වෙළඳුන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත වැඩි මිලට එළවළු වෙළඳාම් කටයුතු සිදු කරන බවට කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මද අද (02) දහවල් කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා.

නියමිත මිලක් නොමැතිව වැඩි මිලට එළවළු අලෙවි කළ වෙළඳුන් සඳහා දැඩි ලෙස අවවාද කිරීමට කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එහිදී කටයුතු කළා.

එමෙන්ම මිල ප්‍රදර්ශනය නොකෙරෙමින් වෙළඳාම් කටයුතු සිදු කළ වෙළඳුන්ට නියමිත මිල ප්‍රදර්ශනය කරන ලෙස අවවාද නිකුත් කිරීමත් ඒ මොහොතේම නියමිත මිල ප්‍රදර්ශනය පුවරු එම වෙළඳුන් ලවාම ප්‍රදර්ශනය කරවීමත් මෙහිදී සිදු වුණා.

පවතින තත්ත්වයත් සමඟ මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදු කිරීමට නියමිත බවයි එම නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27