පල්ලෙකැලේ දී පෙම්වතිය මරා සැඟව සිටි පෙම්වතා පොලිසියට භාරවෙලා

පල්ලෙකැලේ, කලාපුරය, නත්තරම්පොත ප්‍රදේශයේ දී සිය පෙම්වතිය ඝාතනය කර පළාගොස් සිටි සැකකරු අද මහනුවර පොලීසියට භාර වී තිබෙනවා.

සැකකරු අතින් පසුගිය 04 වනදා අලුයම ඝාතනයට ලක්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි වරුණි නිරෝෂා කුමාරි නැමැති 35 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.

මෙම සැකකරු විසින් ඇයට පහර දී මෙම ඝාතනය සිදුකර තිබූ අතර, ඝාතනයෙන් පසු සැකකාර පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා.

මියගිය කාන්තාවගේ නිරුවත් මළ සිරුරේ තැලීම් තුවාල රැසක් ද දක්නට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
3
+1
1
+1
11
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?