පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කළ නොහැකියි බව ජනපති කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත් වුණා.

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද කියා සිටියා.

එමෙන්ම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කරගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයිනේ උප ජනාධිපති හුසෙයින් මොහොමඩ් ලතීෆ් අතර හමුවක් ද “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) සිදුවුණා.

ශ්‍රී ලංකා සහ මාලදිවයින අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දෙරටට එක්ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළා.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අතර හමුවක් ද අද (21) කම්පාලා නුවරදී සිදු වුණා.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී වී. මුරලීධරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වූයේ ඉන් අනතුරුවයි.

එමෙන්ම ලාඕස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆොක්සේ ඛයිඛම්පිතෝන් සහ පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් ඉවන් ජෝන් උයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34