පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ නංගි සහ අයියා දියේ ගිලී මරුට

බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති පරෙයියන් දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරෙයියන් ඇල්ල නැරඹීමට සහ එහි දිය නෑමට ඊයේ (1) පස්වරුවේ ගොස් ඇත.

එහිදී එක් වරම එම ස්ථානයේ සිටි තරුණියක් දියවලකට ඇද වැටී ඇති අතර ඇයව බේරාගැනීම සදහා ඇගේ සහෝදරයා ද එම දියවලට පැන තිබෙනවා.

පසුව එම දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇති අතර විනාඩි කිහිපයකින් පසු ඔවුන්ගේ සිරුරු ගොඩ ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
මෙසේ මියගොස් ඇත්තේ ගාමිණීපුර,ඔක්කම්පිටිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් සහ ඇගේ සහෝදරයා වන තිස්හැවිරිදි තරුණයෙක් බව බඩල්කුඹුර පොලිසිය පවසනවා.
 
ඔවුන් දෙදෙනා එකම පවුලේ නංගි සහ අයියා වන අතර මියගිය දෙදෙනාගේ සිරුරු වැඩි දුර විමර්ශන සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?