පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ නංගි සහ අයියා දියේ ගිලී මරුට

බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති පරෙයියන් දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරෙයියන් ඇල්ල නැරඹීමට සහ එහි දිය නෑමට ඊයේ (1) පස්වරුවේ ගොස් ඇත.

එහිදී එක් වරම එම ස්ථානයේ සිටි තරුණියක් දියවලකට ඇද වැටී ඇති අතර ඇයව බේරාගැනීම සදහා ඇගේ සහෝදරයා ද එම දියවලට පැන තිබෙනවා.

පසුව එම දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇති අතර විනාඩි කිහිපයකින් පසු ඔවුන්ගේ සිරුරු ගොඩ ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
මෙසේ මියගොස් ඇත්තේ ගාමිණීපුර,ඔක්කම්පිටිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් සහ ඇගේ සහෝදරයා වන තිස්හැවිරිදි තරුණයෙක් බව බඩල්කුඹුර පොලිසිය පවසනවා.
 
ඔවුන් දෙදෙනා එකම පවුලේ නංගි සහ අයියා වන අතර මියගිය දෙදෙනාගේ සිරුරු වැඩි දුර විමර්ශන සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56