පෑලියගොඩ පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී අද (18) දහවල් පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 38ක ඔලියමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ බව කියන සැකකරු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි පොලිසිය සඳහන් කළේ.
පරවියන් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
පෑලියගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1



