පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හිටිහැටියේ අත්අඩංගුවට

පාතාල නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ඩුබායිහි දී මියගිය රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් හෙවත්, කෙසෙල්වත්ත දිනුක සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වහා ම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

කොටහේන පොලිසියේ නිලධාරීන් පිරිසක් දිනුකගේ කෙසෙල්වත්තේ පිහිටි නිවස හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහි දී මෙම පොලිස් පරීක්ෂකවරයා එම නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඔහු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ මොහු කෙසෙල්වත්ත පොලිසියේ සේවය කළ සමයේ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?