පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හිටිහැටියේ අත්අඩංගුවට

පාතාල නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ඩුබායිහි දී මියගිය රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් හෙවත්, කෙසෙල්වත්ත දිනුක සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වහා ම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

කොටහේන පොලිසියේ නිලධාරීන් පිරිසක් දිනුකගේ කෙසෙල්වත්තේ පිහිටි නිවස හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහි දී මෙම පොලිස් පරීක්ෂකවරයා එම නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඔහු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ මොහු කෙසෙල්වත්ත පොලිසියේ සේවය කළ සමයේ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09