පන්සලක් කඩා හිමිනමක්, මිලකළ නොහැකි සැතපෙන බුදුපිළිමයක් ගල් කරලා

විහාරස්ථානයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සොරාගත් හිමිනමක් ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා රඹුක්කන, පුවක්මොටේ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් බිඳ එහි තිබූ මිලකළ නොහැකි සැතපෙන බුදුපිළිමයක් සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රඹුක්කන පොලිසිය ලද තොරතුරකට අනුව ඊයේ (12) දිනයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනුණු හිමිනම යටගම ප්‍රදේශයේ විහාරස්ථානය වැඩ විසූ හිමිනමක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන් දෙදෙනා 24 සහ 44 යන වයස්වල පසුවන යටගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් විසින් සොරාගත් මිලකළ නොහැකි සැතපෙන බුදුපිළිමය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?