පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම අද

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් අද (31) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය පවසනවා.

එහිදී ඔවුන්ව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ, පී.නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුර නිලංග සහ සලින්ත මධුශාන් පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා.

එමෙන්ම ළහිරු මධුසංක නොහොත් තැඹිලි ළහිරු නැමැත්තා සහ එන්. එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත මේ වනවිට පසුවන්නේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?