පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම අද

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් අද (31) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය පවසනවා.

එහිදී ඔවුන්ව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ, පී.නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුර නිලංග සහ සලින්ත මධුශාන් පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා.

එමෙන්ම ළහිරු මධුසංක නොහොත් තැඹිලි ළහිරු නැමැත්තා සහ එන්. එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත මේ වනවිට පසුවන්නේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32