පතොරම් හා යුද උපකරණ හමු වූ වරදට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පතොරම් තොගයක් හමු වූ නිවසේ අයිතිකරු වූ පොලිස් විශේෂ කාර්‍යය බලකායේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබියදී ඊයේ (22) දින මෙම පතොරම් සහ යුද උපකරණ තොගයක් වවුනියාව පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

ඉන් අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනයේ දී කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්‍යය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදු කළ හදිසි වැටලීමක දී T56 වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 296ක්, M16 වර්ගයේ පතොරම් 19ක් මෙන් ම පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් කොටස් 12ක් ද සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ තාවකාලිකව පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු ද මීට පෙර අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් කිසියම් අපරාධයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ පතොරම් රැස්කර තබන්නට ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?