පතොරම් හා යුද උපකරණ හමු වූ වරදට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පතොරම් තොගයක් හමු වූ නිවසේ අයිතිකරු වූ පොලිස් විශේෂ කාර්‍යය බලකායේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබියදී ඊයේ (22) දින මෙම පතොරම් සහ යුද උපකරණ තොගයක් වවුනියාව පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

ඉන් අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනයේ දී කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්‍යය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදු කළ හදිසි වැටලීමක දී T56 වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 296ක්, M16 වර්ගයේ පතොරම් 19ක් මෙන් ම පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් කොටස් 12ක් ද සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ තාවකාලිකව පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු ද මීට පෙර අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් කිසියම් අපරාධයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ පතොරම් රැස්කර තබන්නට ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
00:00
Video thumbnail
මහා පරිමාණයෙන් කළ නීති විරෝධී කසිප්පු පෙරණ ස්ථාන 03ක් වටලයි
03:13
Video thumbnail
අපි දන්නවා නාමල් ජනාධිපතිවරණය පරදිනවා කියලා - පෝය දෙකෙන් ටියුෂන් දෙන හ#ක්ට අං ඇවිල්ලා
12:52
Video thumbnail
හිරගෙදර පෙන්නලා මර්දනය කරනවනම් ඔයාට වැරදිලා - පහුගිය මැතිවරණ අමතක කරන්න l Namal Rajapaksa
12:07
Video thumbnail
බත්තරමුල්ල නගරයේ රෑත් ඩෙංගු මර්දන වැඩසටහන් සිදුකළ අයුරු
03:18
Video thumbnail
මීරිගම නගරයේ වෙළෙඳසැලක හදිසියේම හටගත් විශාල ගින්න
01:10
Video thumbnail
වාහන තුනක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
වියළි ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලට හසුවෙයි
01:02
Video thumbnail
වාහන තුනක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුර - වාහන කුඩේ කුඩු - ගන්න දෙයක් නෑ
01:38
Video thumbnail
මීරිගම නගරයේ වෙළෙඳසැලක හදිසියේම හටගත් විශාල ගින්න - "ඔතන ඉන්න එපා..කඩාගෙන වැටෙනවා"
01:32