පකිස්ථානයේ සිට ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන ගණනක් හොර රහසේ ගෙන යන ජාවාරමක්

වෙළඳුන් සහ ජාවාරම්කරුවන් පකිස්ථානයේ සිට දේශසීමා ඔස්සේ දිනපතා ඩොලර් මිලියන 05ක් පමණ ඇෆ්ගනිස්තානයට ගෙන එන බවට The Express Tribune පුවත්පත වාර්තා කර තිබෙනවා.

පකිස්ථානයේ විනිමය සමාගම් සංගමයේ ප්‍රධාන ලේකම් මුහම්මද් සෆාර් පැරචා පවසන පරිදි එය ඇෆ්ගනිස්ථානයේ මහ බැංකුව සතියකට වෙළඳපොළට යොමු කරන ඩොලර් මිලියන 17ටත් වඩා වැඩිය.

පාකිස්ථානය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය තවත් උග්‍ර කිරීමට මෙම ජාවාරම හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නීති විරෝධී මුදල් ප්‍රවාහයන් පෙන්නුම් කරන්නේ 2021 වසරේදී රට අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන්වරු සම්බාධක මඟ හැරීම සඳහා යොදාගත් උපක්‍රමවල තරමයි.

දේශසීමා හරහා ගමන් කරන එළවළු ට්‍රක් රථවල සඟවා මුදල් නෝට්ටු ප්‍රවාහනය කරන බවටයි අනාවරණ වී ඇත්තේ.

බොහෝ විට මෙම ට්‍රක් රථ රේගු ස්කෑනර් යන්ත්‍ර මඟ හරින අතර දොඩම් කූඩයේ සිට ඉතා කුඩා ආහාර ද්‍රව්‍ය හරහා එක්සත් ජනපද ඩොලර් ජාවාරම් කරන බව විදෙස් වාර්තාවල සඳහන්.

මෙම ජාවාරම පකිස්ථානයේ විදේශ සංචිත ක්ෂය වීමටත් රුපියලේ අගය පහත වැටීමටත් හේතු වී තිබෙනවා.

ඩොලර් ජාවාරමට සම්බන්ධ අය කලාපයේ මුදල් ඒකාධිකාරය සඳහා බොහෝවිට යොදා ගෙන ඇත්තේ හවාලා ක්‍රමයයි.

එය රජයේ කිසිඳු රෙගුලාසියකින් තොරව සමාන්තර ආර්ථිකයක් පවත්වා ගෙන යාමට උපකාරී වන ක්‍රමයක් ලෙස ප්‍රකට වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08