පකිස්ථානයේ ප්‍රධාන නගර 24කට පිරිසිදු ජලය නැහැ – නවතම වාර්තාවකින් හෙළි වෙයි

පාකිස්ථාන  ජනගහනයෙන් මිලියන 30කට ආසන්න පිරිසකට පිරිසිදු ජලය සඳහා ප්‍රවේශයක් නොමැති බව නවතම වාර්තාවකින් හෙළි කර තිබෙනවා.
 
ප්‍රධාන නගර 24ක ජීවත් වන පුද්ගලයින්ගෙන් සියයට 80කට පිරිසිදු ජලය නොමැති අතර කරච්චියේ පැල්පත්වාසීන් මිලියන 16කට ජලය නොමැති බවයි ඒෂියන් ලයිට් (Asian Lite) වෙබ් අඩවිය වාර්තා කළේ.

නිදහස ලැබීමෙන් පසු පාකිස්ථානය  ගැටලු රැසකට මුහුණ දුන් අතර  රටේ වඩාත්ම තීරණාත්මක ගැටලුව  බවට පත්ව ඇත්තේ ජල හිඟයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  එක් ඇස්තමේන්තුවකට අනුව, ජලය සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් 2025 වසර වන විට පාකිස්ථානය සම්පූර්ණයෙන්ම  නිසරු වනු ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

පාකිස්ථානයේ ජල ආරක්ෂණ ප්‍රශ්නය උග්‍ර කිරීමට කරුණු කිහිපයක් හේතු වී ඇති අතර පළමු හා ප්‍රධානතම කරුණ වන්නේ රටේ ජනගහන වර්ධනය වැඩිවීම නිසා ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමයි.

ඒෂියන් ලයිට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ පාකිස්ථානයේ ජනගහනය මිලියන 220 ඉක්මවීමත් සමඟ රටේ ජල ඉල්ලුම අක්කර අඩි මිලියන 274 දක්වා ඉහළ යනු ඇති බවයි.

එහෙත් ජල සැපයුම අක්කර අඩි මිලියන 191ක් ලෙස පැවතිය හැකි බව එම වාර්තාව පෙන්වා දෙනවා.

එසේම, රටේ බහුලව වගා කරන තිරිඟු, සහල්, කපු සහ උක් වැනි භෝග සඳහා  ජලය අධික  වශයෙන් අවශ්‍ය  වීම ද ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පවතින ජලයෙන් සියයට 95ක් පමණ එහා වගාවන් සඳහා යොදා ගැණුනද මගේ දළ දේශීය දළ දේශීය නිෂ්පාදිතයට සැපයෙන්නේ සියයට 5කට වඩා අඩු දායකත්වයක්.

පාකිස්ථානයේ  ජල සැපයුම වර්ෂාව මත රඳා පවතින අතර දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටාවට එල්ල වී ඇති බලපෑම ජල අර්බුදය උග්‍ර කර තිබෙනවා.

මේ නිසා දැනටමත් සීමිත ජල මූලාශ්‍ර කළමනාකරණය කිරීම පාකිස්ථානයට වඩාත් අභියෝගාත්මක වන බවයි ඒෂියන් ලයිට් වෙබ් අඩවිය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?