spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පකිස්ථානයේ දූෂිත ගංවතුර ආශ්‍රිතව ජීවත් වන ළමුන් මිලියන 4 ක් ගැන යුනිසෙෆ් අනාවරණයක්

පකිස්ථානයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර මාස හතරකට වැඩි කාලයක් ගතවී ඇතත් ජනතාවගේ යහපැවැත්ම අවදානමට ලක් කරමින්, මිලියන හතරක් දක්වාවන ළමුන් පිරිසක් තවමත් දූෂිත හා එකතැන පල්වෙන ගංවතුර අසල ජීවත් වන බවට යුනිසෙෆ් සංවිධානය අනාවරණ කර තිබෙනවා.

ජාකොබාබාද්හි බොහෝ පවුල්වලට ගංවතුරත් සමග ඉදිකර ගැනීමට සිදු වූ තාවකාලික නවාතැන් ආවරණය කිරීමට ඉතිරිව ඇත්තේ රෙදි පමණක් බවයි වාර්තා වන්නේ.

ඒ එම ප්‍රදේශයේ උෂ්ණත්වය රාත්‍රියේදී සෙල්සියස් අංශක හත දක්වා පහත වැටෙන පසුබිමකයි.
යුනිසෙෆ් සහ ඔවුන්ට සහයෝගය දක්වන හවුල්කරුවන් කඳුකර ප්‍රදේශවල වෙසෙන ළමුන්, කාන්තාවන් ඇතුළු 200,000ක් පමණ වන ජනතාවට උපකාර කිරීමේ අරමුණින් දරුවන්ට අවශ්‍ය උපකරණ සහ ජැකට් ඇතුළු භාණ්ඩ සැපයීමට පියවර ගෙන තිබෙනවා.

පකිස්ථානයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාස ​​හතරකට වැඩි කාලයක් මෙම දරුවන් දූෂිත ජලය අසල ජීවත් වීම හේතුවෙන් ළමුන් අතර උග්‍ර ශ්වසන ආසාදන හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුරින් බලපෑමට ලක් වූ ප්‍රදේශ ඉහළ යෑම ලොව පුරා ළමා මරණ සඳහා ප්‍රධාන හේතුවක් බවටද පත්ව තිබෙනවා.

යුනිසෙෆ් සංවිධානයේ නිරීක්ෂණයන්ට අනුව 2021 වසර හා සැසඳීමේදී ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා කාලයේදී දෙගුණයකට ආසන්න වනවා.

එම නිරීක්ෂණයන්ට අනුව ඇස්තමේන්තු කර ඇති ළමුන් මිලියන 1.5කට ජීවිතාරක්ෂක පෝෂණ මැදිහත්වීම්ද අවශ්‍ය වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ගංවතුරෙන් විපතට පත් කාන්තාවන්ට සහ දරුවන්ට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ඉල්ලීමකට අනුව ලැබුණු ඇ.ඩො. මිලියන 173.5න් දැනට ඉතිරිව ඇත්තේ සියයට 34ක් පමණක් බවයි.

කෙසේ වෙතත් ගංවතුරෙන් පීඩාවට පත් පාකිස්ථානයේ  දිස්ත්‍රික්ක 16 ක ළමුන් මිලියන 4.5 කට පෝලියෝ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා දීමට හැකි වී තිබෙනවා.

ඉදිරි මාසවලදී ද පාකිස්ථානයේ හදිසි මානුෂීය අවශ්‍යතා සඳහා යුනිසෙෆ් සංවිධානය අඛණ්ඩව ප්‍රතිචාර දක්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

“දේශගුණයට මුහුණ දෙන පාකිස්ථානය” මැයෙන් ජිනීවාහි දී පැවති  ජාත්‍යන්තර සමුළුවේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ගංවතුරෙන් පසු නැවත ගොඩනැංවීම සඳහා පාකිස්ථානයට සහාය දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?