පකිස්තානයේත් මහ බැංකුව හිදෙයි

විදේශ විනිමය සංචිත ක්ෂයවීම සහ වාර්තාගත ලෙස දේශීය මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් පාකිස්තාන ආර්ථිකය දැඩි පසුබැසීමකට ලක්වෙමින් ඇතැයි එරට වාර්තා පවසයි.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව පාකිස්තානයේ රාජ්‍ය බැංකුවේ (SBP) විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 11 දක්වා පහත වැටී තිබේ.

2021 අගෝස්තු මාසයේදී එරට රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 20.073 ක් වූ නමුත් 2022 මාර්තු 25 වන දින වන විට එය ඩොලර් බිලියන 12.04 දක්වා , මාස නවයක් තුළ පමණක් ඩොලර් බිලියන 8 කින් පහත වැටී ඇත.

මේ අතර පකිස්තානයේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සදහා චීනය ඩොලර් බිලියන 2.5 ක වාණිජ ණයක් ලබා දීමට එකඟ වී ඇතත් මේ වන විට පකිස්තානය මුහුණ දී සිටින දේශපාලන අර්බුදය හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බව පැවසේ.

ආර්ථික විශේෂඥයන් අනතුරැ අගවා ඇත්තේ, ආර්ථික ක්ෂේත්‍රය මෙහෙයවන්නන් නිවැරදි ප්‍රතිපත්‍ති ක්‍රියාත්මක නොකළහොත් ලබන මූල්‍ය වර්ෂයේ ජූලි-අගෝස්තු කාලය වනවි‍ට පකිස්තානයේ ආර්ථිකය පූර්ණ අර්බුදයක් දක්වා නරක අතට හැරෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32