නෝර්ට්ජේ චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට

දකුණු අප්‍රිකාවෙන් බිහි වුණු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ඇන්‍රිච් නෝර්ට්ජේ (Anrich Nortje) හට 2025 වර්ෂයේ චැම්පියන්ස් කුසලානය අහිමි වී තිබෙනවා.

කොන්දෙහි හටගත් ආබාධයක් හේතුවෙන් ඔහු ව තරගාවලියට එක් කරගත නොහැකි බවයි වාර්තා වූයේ.

චැම්පියන් කුසලානය පමණක් නොව නෝර්ට්ජේ හට දකුණු අප්‍රිකාවට ඉතිරි සෙසු පන්දුවාර 20 තරගාවලි ද අහිමි වීමේ අවදානමක් පවතින බවත් පැවසෙනවා.

නෝර්ට්ජේ නොමැති වීම දකුණු අප්‍රිකාවට චැම්පියන්ස් කුසලානයේ දී ඉමහත් පාඩුවක් වනු ඇති බවත් වාර්තා වනවා.

පසුගිය ජුනි මාසයේ පැවති T20 ලෝක කුසලානයෙන් පසු නෝර්ට්ජේ කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවකට ක්‍රීඩා කර නොමැති අතර පාකිස්තානයට එරෙහි සුදු පන්දු තරගාවලිය සඳහා නැවත පැමිණීමට නියමිතව සිටි නමුත්
පුහුණු සැසියක දී සිදු වූ ආබාධයකින් ඔහුගේ ඇඟිල්ල බිඳී යාමෙන් ආබාධයට ලක් වුණා.

මෙතෙක් නෝර්ට්ජේ වෙනුවෙන් කිසිදු ආදේශකයක් දකුණු අප්‍රිකාවෙන් නම් කර නැහැ.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ සුදු පන්දුවේ පුහුණුකරු වන රොබ් වෝල්ටර් පැවසුවේ බොහෝ විට නෝර්ට්ජේ වෙනුවට ජෙරල්ඩ් කෝට්සි පැමිණීමට ඉඩකඩ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?