නො කියා ම ගිය ප්‍රියා වෙනුවෙන් අවසන් ගෞරවයට විපක්ෂ නායක එයි – කලා තරු රැසකුත් ඒ අතර (වීඩියෝ)

මෙරට සම්මානිත කෘතහස්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ අවසන් කටයුතු හෙට (27) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

මෙම අසහාය ගායකයා දිගු කලක් රෝගාතුරව සිටි අතර; පෙරේදා (24) අලුයම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී අප අතරින් සමුගත්තා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා පසුවූයේ 80 වැනි වියෙහියි.

එමෙන්ම අද (26) පස්වරු 02 සිට පස්වරු 04 තෙක් ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

ඉන් අනතුරුව අද පස්වරු 06 සිට හෙට පස්වරු 03 තෙක් දේහය බොරැල්ල කනත්ත අසල පිහිටි ජයරත්න රෙස්පෙක්ට් ශාලා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති.

සදා මතකයේ රැඳෙන නො මැකෙන ගීත ගණනාවක් රසිකයාට තිළිණ කළ ප්‍රියා සූරියසේන සූරින් හට අවසන් ගෞරව දැක්වීමට ඊයේ දිනයේ දී විවිධ දේශපාලන නායකයින්, ආගම් නායකයින් සේ ම මෙරට කලා තරු ද එක් ව සිටියා.

ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ප්‍රියා සූරියසේන මහතා වෙත අවසන් ගරුත්වය දැක්වීමට පැමිණියා.

මීට අමතරව ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා, පුන්සිරි සොයිසා, කරුණාරත්න දිවුල්ගනේ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, උරේෂා රවිහාරි ඇතුළු කලා තරු රැසක් ද එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?