නොවැම්බර් මස 08 වෙනිදා 10 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසු සිසුවියන්ට පාසැල් ආරම්භ කෙරුණද මුල් කාලය තුලදී සිසු සිසුවියන් සඳහා පාසැලට පැමිණීමේදී නිල ඇඳුම අනිවාර්ය නොවන බවත් පාසැලට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීමට අවසර හිමිවන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.
පාසැල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කරමින් මේ බව දක්වා ඇත.
සියලුම අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් සේවය සඳහා කැඳවිය යුතු වේ.
ගර්භනී හෝ වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරිම අවශ්‍ය නොවන අතර, වෙනත් විශේෂ රෝගාබාධවලින් පෙළෙන නිලධාරින් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් සිදුකල යුතුය.