නොවැම්බර් 07 තෙක් ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට නොගන්නා ලෙසට නියෝගයක්

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. මිහාර් මහතාට අපහාස වන ආකාරයේ වදන් සහිත පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ජයරත්නම් මහතා ලබන 07 වැනිදා දක්වා අත් අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරාණය අද (24) වැඩබලන පොලිස්පතිවරයාට සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉදිරි පැය 48ක කාලය ඇතුළත කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ශ්‍රී රංගා මහතාට නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය තමන්ව අත් අඩංගුවට ගැනීමට වෑයම් දරන බවත් අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් නියෝගයක් නිකුත් කරනා ලෙසත් ඉල්ලා සිටිමින් ශ්‍රී රංගා මහතා නීතඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍ය රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කොට තිබූ වැඩබලන පොලිස්පතිවරයාට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට හා නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඩුල්ල එම පෙත්සම ලබන නොවැම්බර් 07 වැනිදා කැඳවීමට ද දින නියම කළා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිරාන් ඇන්කමෙල් මහතා සමග ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍ය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?