නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය ජුනි මාසයේ දී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු හෙට (14) දිනයේ සිට යළි ආරම්භ කළ හැකි බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.
ඒ, අනුව හෙට (14) දිනයේ සිට එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරනු ලබන මෙගාවොට් 300ක විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක මඟින් මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.
හෙට දිනයේ දී දෙවන ජනන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු ආරම්භවීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.
මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වන්නේ නම් මේ වනවිට දිවයිනට ආනයනය කර ඇති ගල් අඟුරු නෞකා තුනේ ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ දින 24 කට පමණයි.




