නොරොච්චෝලේ හෙට සිට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මකයි

නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය ජුනි මාසයේ දී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු හෙට (14) දිනයේ සිට යළි ආරම්භ කළ හැකි බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.

ඒ, අනුව හෙට (14) දිනයේ සිට එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරනු ලබන මෙගාවොට් 300ක විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක මඟින් මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.

හෙට දිනයේ දී දෙවන ජනන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු ආරම්භවීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වන්නේ නම් මේ වනවිට දිවයිනට ආනයනය කර ඇති ගල් අඟුරු නෞකා තුනේ ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ දින 24 කට පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වුණ කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36