නොරොච්චෝලේ යථා තත්ත්වයට පත්කිරීමට දින 03ත් 05ත් අතර කාලයක්

හදිසි බිඳ වැටීමකට ලක්ව ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ 03 වන කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගතවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එය යථා තත්ත්වයට පත් කරන තෙක් ඉන්ධන බලාගාර භාවිතයෙන් තත්ත්වය කළමනාකරණය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට සලකාබලමින් සිටින බව ද එහි වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?