නොබැඳි ජාතීන්ගේ සමුළුවට එක්වූ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් සමඟ ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාවල (වීඩියෝ සහ ඡායාරූප)

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

ඒ, අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ පැවැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා සුහදශීලිව පිළිගත් අතර, අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්ව තිබෙනවා.

මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස්, ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ්, බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ බවයි නාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් පැවසුවේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන අය ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.

WhatsApp Image 2024 01 20 at 10.59.38 AM 1 1
WhatsApp Image 2024 01 20 at 10.59.38 AM
WhatsApp Image 2024 01 20 at 10.59.37 AM 1
WhatsApp Image 2024 01 20 at 10.59.35 AM 1 1
WhatsApp Image 2024 01 20 at 10.59.36 AM
WhatsApp Image 2024 01 20 at 10.59.35 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15