AFC Banner
Empty Ad
Empty Ad

නොගෙවු බිල්පත් ගෙවන්න..- ලංවිම කල විශේෂ දැනුම්දීම

අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා විදුලි බිල්පත නිසි කලට කිරීම අත්‍යවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

නිවසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල හැකි බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම භාවිතා භාවිතා කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

අද වන විට ලංකා විදුබල මණ්ඩලයට අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සහ ජනතා අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද පවසන ඔහු බිල්පත් ගෙවීම මගින් ලැබෙන ආදායම ඊට මහත් පිටිවහලක් බවත් පැවසීය.

කොරෝනා ව්‍යාප්ත තත්වය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් අපහසු තත්ත්වයක් තුළ වුව ද විදුලිබල මණ්ඩලය තම ජාතික යුතුකම නොපිරිහෙලා ඉටු කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?