නෙළුම් කුළුණේ අවහන්හලක DJ සාදයක දී තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට

කොළඹ නෙළුම් කුළුණේ අවහන්හලක පසුගිය සිකුරාදා (08) පැවැති DJ සාදයකට සහභාගී වූ තරුණියක් සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණියක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

සාදය අතර තුර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා සහ තරුණිය සාදය අතරතුර දී මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මරණවලට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය දෙදෙනාගේ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
5
+1
11
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?