නෙළුම් කුලුනේ කැරකෙන අවන්හල විවෘත කරන දිනය මෙන්න

කොළඹ, නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල අනිද්දා (09) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දකුණු ආසියාවේ උසම ස්ථානයේ පිහිටි මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින අතර එය අනිද්දා (09) රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

මෙම අවන්හල දිවා සහ රාත්‍රි ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් විවෘත වන අතර ඒ අනුව දිවා ආහාරය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වාත් රාත්‍රි ආහාරය සඳහා පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා ද කැරකෙන අවන්හල විවෘතව පවතී.

නෙළුම් කුලුන ඉදිකිරීම වෙනුවෙන් ලබාගත් ණය මුදල මේ වන විට නිසි පරිදි කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම මඟින් ගෙවා තිබෙනවා. මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් කියා අර්ථකථනය කරන්න ඇතැමුන් උත්සාහ කළා. නමුත් අද වන විට මෙහි තත්ත්වය අපිට දකින්න ලැබෙනවා යැයි දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

මාස 14ක කාලයක් තුළ කොළඹ, නෙළුම් කුලුන නැරඹීමට පැමිණි නරඹන්නන්ගෙන් රුපියල් මිලියන 1,025.9ක (කෝටි 102) ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන බව කොළඹ, නෙළුම් කුලුන කළමනාකරණ සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස 15දා සිට පෙරේදා (05) දක්වා කාලය තුළ මේ ආදායම උපයා ගැනීමට හැකිව තිබෙන අතර එම කාලය තුළ දේශීය පුද්ගලයන් 1,352,324ක් සහ විදේශිකයන් 38,597 දෙ‍ෙනකු මෙය නැරඹීමට පැමිණ තිබෙන බව නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ‍ෙජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ද සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?