නුවර ගිය සීඝ්‍රගාමී දුම්රිය රත් වී කඩුගන්නාවේ දී නැවතිලා

කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද (06) උදෑසන ගමන් ඇරඹු සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

කඩුගන්නාව දුම්රිය ස්ථානයට ආසන්නයේ මෙම දුම්රිය කාර්මික දෝෂයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දුම්රියේ එන්ජිම අධික ලෙස රත්වීමෙන් එය ක්‍රියාවිරහිත වී දුම්රිය නතර වී ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

එම දුම්රිය මේ වනවිට කඩුගන්නාව දුම්රිය ස්ථානයේ නතරකර ඇති අතර, මෙම තත්ත්වයත් සමඟ එහි පැමිණි මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
9
+1
2
+1
9
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?