නුවරඑළියේ පස් හැවිරිදි කලානේෂන්ගෙන් විනාඩි 04ක් තුළ ලෝක වාර්තාවක් (ඡායාරූප)

ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන කුඩා දරුවෙකු පිළිබඳව පසුගිය දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අවධානයට ලක් වුණා.

නුවරඑළියේ ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු පහක් වයසැති ‘කලානේෂන් හර්ෂිත්’ නැමැති මෙම දරුවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (25) සමත්ව තිබෙනවා.

ස්ථාන කිසිවක් ලකුණු නොකළ ලෝක සිතියමක ලෝකයේ රටවල් 195 සහ එම රටවල්වල අගනුවරවල් විනාඩි 04යි තත්පර 16ක කාලයක් තුළ ලකුණු කරමින් මෙම කුඩා දරුවා ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

මෙම ලෝක වාර්තාව නිරීක්ෂණය සඳහා ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක පෙරුමාල් නීලමේගම්, ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන්, නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ විශාල පිරිසක් එක්ව සිටියා.

ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ ආයතනට ඉන්දීයමධ්‍යම රජයේ ලියාපදිංචිය යටතේ රටවල් 24ක ක්‍රියාත්මක වන, ගිනස් වාර්තාවට පමණක් දෙවැනි වාර්තා පොතක් ලෙස හඳුන්වා දිය හැකියි.

මෙහිදි අදහස් දැක්වූ පස් හැවිරිදි කලානේෂන් හර්ෂිත්ගේ දෙමාපියන් කියා සිටියේ සිය දරුවා පිහිට වූ වාර්තාව සම්බන්ධයෙන් දෙමව්පියන් වශයෙන් දැඩි සතුටට පත්වන බවත්, මීළඟට ගිනස් වාර්තාවක් සඳහා දරුවා පුහුණු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
11
+1
6
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?