නුවරඑළියේ පස් හැවිරිදි කලානේෂන්ගෙන් විනාඩි 04ක් තුළ ලෝක වාර්තාවක් (ඡායාරූප)

ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන කුඩා දරුවෙකු පිළිබඳව පසුගිය දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අවධානයට ලක් වුණා.

නුවරඑළියේ ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු පහක් වයසැති ‘කලානේෂන් හර්ෂිත්’ නැමැති මෙම දරුවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (25) සමත්ව තිබෙනවා.

ස්ථාන කිසිවක් ලකුණු නොකළ ලෝක සිතියමක ලෝකයේ රටවල් 195 සහ එම රටවල්වල අගනුවරවල් විනාඩි 04යි තත්පර 16ක කාලයක් තුළ ලකුණු කරමින් මෙම කුඩා දරුවා ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

මෙම ලෝක වාර්තාව නිරීක්ෂණය සඳහා ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක පෙරුමාල් නීලමේගම්, ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන්, නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ විශාල පිරිසක් එක්ව සිටියා.

ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ ආයතනට ඉන්දීයමධ්‍යම රජයේ ලියාපදිංචිය යටතේ රටවල් 24ක ක්‍රියාත්මක වන, ගිනස් වාර්තාවට පමණක් දෙවැනි වාර්තා පොතක් ලෙස හඳුන්වා දිය හැකියි.

මෙහිදි අදහස් දැක්වූ පස් හැවිරිදි කලානේෂන් හර්ෂිත්ගේ දෙමාපියන් කියා සිටියේ සිය දරුවා පිහිට වූ වාර්තාව සම්බන්ධයෙන් දෙමව්පියන් වශයෙන් දැඩි සතුටට පත්වන බවත්, මීළඟට ගිනස් වාර්තාවක් සඳහා දරුවා පුහුණු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20