නිතීඥවරුන් දෙදෙනෙකුට සාපරාධී බියගැන්වීම් සිදුකර ඔහුගේ මෝටර් රථයට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 30 වනදා නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු නඩු විභාගයෙන් අනතුරුව මෝටර් රථයකින් පිටව යන අවස්ථාවේ නුගේගොඩ, ගම්සභා හන්දිය ආසන්නයේ දී පිරිසක් විසින් මාර්ගය අවහිර කර රථය වට කරමින් මරණ තර්ජන කර වාහනයට පහරදී අනර්ථයක් සිදු කරන ලද බවට මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී හක්මන පොලිස් වසමේ පුහුවැල්ල ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (02) මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් අවුරුදු 31 හා 55 වයස්වල පසුවන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි පොලිසිය පැවසුවේ.
සැකකාරියන් අද (03) දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



