නීලාගේ දේහය දිවයින ගෙන ඒමට සූදානම්

අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණ යටතේ කටයුතු සූදානම් කරමින් පවතින බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දන්වා ඇත්තේ වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වනවිට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති බවයි.

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයේ වැඩභාරගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනිදා වන අතර හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ දිනයේදී අභාවප්‍රාප්ත වූයේ ඉතාලියේ මිලානෝහි දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?