නීති හදන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නෙවෙයි – ජනපති (වීඩියෝ)

නීති සම්පාදනය කරන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (17) පැවති 28 වන ජාතික ගුරු සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බවයි.

ඒ, අනුව පාලකයින් වෙනුවෙන් නීති සැකසූ යුගය අවසන් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජනතාවගේ කෝණයේ සිට එම නීති සම්පාදනය වන බවයි මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ.

පාලකයාගේ උවමනාවට නීති හදපු යුගය අවසන්, පාලකයාගේ උවමනාවට නීති නෙවෙයි ව්‍යවස්ථා හැදුවා. පාලකයන්ගේ උවමනාවට ව්‍යවස්ථා සංශෝධනය කළා. ඒ ඉතිහාසයේ, හැබැයි අද අපි සම්පාදනය කරන හැම නීතියක්ම ජනතාවගේ කෝණයෙන්, ඒ නීතියට භාජනයවන අයගේ කෝණය දෙස බලමින් තමයි අපි නීති සම්පාදනය කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?