නීති හදන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නෙවෙයි – ජනපති (වීඩියෝ)

නීති සම්පාදනය කරන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (17) පැවති 28 වන ජාතික ගුරු සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බවයි.

ඒ, අනුව පාලකයින් වෙනුවෙන් නීති සැකසූ යුගය අවසන් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජනතාවගේ කෝණයේ සිට එම නීති සම්පාදනය වන බවයි මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ.

“පාලකයාගේ උවමනාවට නීති හදපු යුගය අවසන්, පාලකයාගේ උවමනාවට නීති නෙවෙයි ව්‍යවස්ථා හැදුවා. පාලකයන්ගේ උවමනාවට ව්‍යවස්ථා සංශෝධනය කළා. ඒ ඉතිහාසයේ, හැබැයි අද අපි සම්පාදනය කරන හැම නීතියක්ම ජනතාවගේ කෝණයෙන්, ඒ නීතියට භාජනයවන අයගේ කෝණය දෙස බලමින් තමයි අපි නීති සම්පාදනය කරන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46