නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 07ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් 7 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 620ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සහ යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේ සිදු කළ විශේෂ මෙහෙයුම් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

පසුගිය 25 වනදා රාත්‍රී තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු කළ පුද්ගලයන් 5 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 120ක ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, ඊයේ සවස යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේදී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවත්වා පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. එහිදී එම ත්‍රීරෝද රථයේ තිබී බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු මුහුදු කූඩැල්ලන් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ එම ත්‍රීරෝද රථය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 43 ත් වයසේ පසුවන තලෙයිමන්නාරම සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් මුහුදු කූඩැල්ලන් තොගය සමග සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ කයිට්ස් පොලිසිය වෙත භාරදීමට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38